මැජික් ඉගෙන ගැනීමේ පාඨමාලාව 2 කොටස
( Magic Learning Course
- part 2 )
- Card pack භාවිතා කර කරනු ලබන මැජික්.
විවිධ මැජික් වර්ග අතුරින් බොහෝ දෙනා දන්න හදුනන ඉතා විශ්මය ජනක
අපූර්ව වර්ගයේ මැජික් කලාවක් ලෙස card pack යොදා ගනිමින් කරන මැජික් ඉසව් හැදින්විය හැකිය.
Card pack මැජික් කලාව ඉගෙන ගැනීමේදී අපට
කාඩ් පැක් එකේ ඇති කාඩ් පිළිබඳව හොද දැනුමක් වගේම කාඩ් පැක් එක හැසිරවීමේ හොද
හැකියාවක්ද තිබිය යුතු වෙනවා. ඒව
එකවර ඉගෙන ගැනීමට මදක් අපහසු වුවද මද කාලයක් එම ක්ෂේත්‍රය තුල නියලීමෙන් සහ එය
පිලිබදව කුතුහලයකින් සහ ආසාවකින් එය හැදාරීමෙන් එය හොදින් ප්‍රගුන කරගත හැකිය.
කාඩ්
පැක් එකේ කොළ හදුනා ගැනීමේදී අප මුලින්ම දැන ගත යුතු වන්නේ එම කාඩ් පැක් එකේ අති
කාඩ් ගණනයි. සාමාන්‍යයෙන් කාඩ්
පැක් එකේ කොල 52 ක් අති අතර jokers කොල 2 ත් එක්ක ඔක්කොම කොල 54 ක් තියනවා. තවද කාඩ්
පැක් එකේ ප්‍රධාන කොල වර්ග 4 ක්
දකින්න ලැබෙනවා. එනම්,
- ස්කෝප්ප ( Scope )
- හාරත ( Heart )
- කලාබර ( Club)
- රුවිත ( Diamond )
තව
දන ගැනීමට අති ප්‍රධාන දෙයක් නම් එම කොලවල වර්ණත් සමගම හදුනා ගැනීමයි. මෙම වර්ණ කළු සහ රතු වර්ණයන්ගෙන් යුක්ත වන
අතර ස්කෝප්ප ( Scope ) හා කලාබර ( Club) කළු පැහැයෙන් යුක්තවන අතර හාරත ( Heart ) හා රුවිත ( Diamond ) රතු වර්ණයන්ගෙන් යුක්ත වේ.
කාඩ් පැක් එකේ ඇති කොල 52 පහත දැක්වේ.
ඊලග පාඩමින් අපි card pack එකෙන් මැජික් කරන විදිහ ඉගෙනගමු.
No comments:
Post a Comment